ඇඳන් 150ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට

මැයි 20, 2021

    ජාතික තරුණ සේවා සභාවේ මෙහෙවීමෙන් සකසන ලද යකඩ ඇඳන් 150ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල භාවිතය සඳහා ලබාදීමට අද පියවර ගැණින.

    ඒ දියතලාව, බිඳුණුවැව හා කහගොල්ල යන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහායි.

    මහියංගනය, ඔරුබැඳිවැව තරුණසේවා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී සකසන ලද ඇඳන් 120ක් බදුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩල 15ක් හා දිස්ත්‍රික් බල මණ්ඩලය එක්ව සැකසූ ඇඳන් 10ක්, මීගහකිවුල බණ්ඩාරවෙල යන කොට්ඨාසවල සාදන ලද ඇඳන් 20ක් මීට අයත්.

    අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව දින 10ක් තුළ ඇඳන් දස දහසක් සකස් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 මැයි 2021 20:37

    Latest News