සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවලට සහන

ජූනි 29, 2021

    කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්ව ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන වෙත දැනට ලබාදී ඇති සහන ලබන දෙසැම්බර් මස අවසානය දක්වා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    එම සහන ජුනි මස අවසානය දක්වා ලබාදීමටයි මීට පෙර තීරණය කර තිබුණේ. ඒ අනුව, සෑම සේවකයෙකුටම සමානුපාතික අවස්ථා ලබාදීම, සේවකයින් නිවසේ රැඳී සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද සම්පූර්ණ මාසික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීම හා එම වැටුප් සඳහා සේවායෝජකයා සේවක අර්ථසාධක අරමුදලට සහ භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.

    Latest News