කාබනික පොහොර නිෂ්පාදනය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන්

ජූනි 29, 2021

    කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදනය සහ භාවිතයේ වැදගත්කම පිළිබඳ ජාතික මට්ටමින් සියලු පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    නිෂ්පාදනය වැඩිකර ගැනීමට ඇති එකම විකල්පය රසායනික පොහොර යෙදීම බවට විශ්වාස කරන ගොවීන් හා අනෙකුත් පාර්ශ්ව වෙත අවබෝධය ලබාදීම පිණිස මේ වැඩසටහන යොදා ගැනෙනු ඇත.

    කාබනික පොහොර පිළිබඳව ගොවීන්ගේ අවබෝධය වර්ධනය කිරීම, ස්වාභාවික පොහොර නිෂ්පාදනය මෙන්ම පරිසර හිතකාමී වැඩසටහන් සඳහා අනුබලයදීම මේ දැනුවත් කිරීම යටතේ සිදු කිරීමට අපේක්‍ෂිතයි.

    Latest News