එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

ජූලි 25, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබාදී තිබේ.

    වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ හාර ලක්‍ෂ 12,211ක් බවයි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව තුන් ලක්‍ෂ 6,620 කට ඊයේ ලබාදී ඇති අතර, එහි දෙවනමාත්‍රාව 35,720කට ඊයේ ලබා දී තිබේ. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 69,830 කට ලබාදී තිබේ. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිස 39ක්.

    ඉකුත් දින 7 තුළ එන්නත් මාත්‍රා 15ස් ලක්‍ෂ 49,214ක් මෙරට ජනතාවට ලබා දී තිබේ. ඊයේ ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර ලක්‍ෂ එ ලක්‍ෂ 12,211ක්. එය දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැසඩහටන යටතේ මේ දක්වා මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 89 ලක්‍ෂ 7559ක්. එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News