කි.මී.15ක් දුර ගෙවා නොමිලයේ උගන්වන ගුරුතුමා

ජූලි 25, 2021

    සිසු දරුවන් සඳහා නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයෙකු පිළිබඳ පුවත් මාතලේ ප්‍රදේශයෙන් වාර්තාවේ.

    විල්ගමුව, හිඹිලියාකඩ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ දරුවන් 06 දෙනෙකුට නොකඩවා අධ්‍යාපනය ලබාදීමට ඔහු ඉදිරිපත්වීම විශේෂත්වයක්. එම විද්‍යාලයේ සමස්ත සිසු සංඛ්‍යාව 22ක්. ඉන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් සංඛ්‍යාව 07ක්. ඉන් 06 දෙනෙකු දිනපතා පාසලට පැමිණේ.

    ගුරුවරයා පදිංචිව සිටින්නේ පාසලේ සිට කිලෝ මීටර් 15ක් පමණ දුරින්. වසන්ත ඒකනායක නම් මෙම ගුරුවරයා දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මහත් කැපවීමක් කරයි.

    Latest News