රු. මිලියනයකට අධික කේරළ ගංජා නාවික හමුදා භාරයට

අගෝ 21, 2021

    නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ අද (21) කරන ලද මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    නැගෙනහිර නාවික විධානයට විසින් ත්‍රිකුණාමලය වරාය පොලීසිය හා එක්ව සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට මෙලෙස කටයුතු කෙරිණි.

    තවද, රුපියල් මිලියනයකට අධික විථි වටිනාකමක් වෙතැයි විශ්වාස කරන මෙම කේරළ ගංජා තොගය විකිණීමේ අරමුණින් මෙලෙස නිවස තුළ සඟවා තබන්නට ඇතැයි සැක කෙරේ.

    කොව්ඩ් -19 පැතිරයාම වැළැක්වීම සඳහා වන සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුන් තිදෙනා වයස අවුරුදු 41-49 වන කුච්චවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, කේරල ගංජා තොගය හා සැකකරුවන් ඉදිරි නීතීමය කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    Latest News