හෙට (23) සිට ගෑස් වෙළෙඳපොළට

අගෝ 22, 2021

    ලබන සඳුදා සිට හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ඉදිරියේ දී හිඟයකින් තොරව ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවට සහතික වී ඇත. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා එම සමාගම් දෙකට අයත් ගබඩාවල ඊයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

    ගබඩා කර ඇති ගෑස් සිලින්ඩර් ප්‍රමාණය පිළිබඳව ඔවුන් එහිදී සොයා බැලුවේය. ලාෆ්ගෑස් සමාගම නව මිල යටතේ ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබේ. ලිට්රෝ සමාගම ගෑස් අලෙවි කරන්නේ පෙර පැවති මිලටමයි. එම සමාගම දෛනික ගෑස් සිලින්ඩර නිෂ්පාදන ධාරිතාව ද වැඩිකර තිබේ.

    Latest News