නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ අය අත්අඩංගුවට

අගෝ 22, 2021

    නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 56,294කි. මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 639ක් සහ පුද්ගලයන් 1,128ක් පරීක්ෂාවට ලක්කර තිබේ. නිසි අවසරපත්‍රයක් නොමැතිව ධාවනය කෙරෙන වාහන කිහිපයක් ආපසු හරවා යැවිමට පොලිසිය කටයුතු කර ඇත.

    Last modified on ඉරිදා, 22 අගෝස්තු 2021 11:17

    Latest News