ගංජා ‍කිලෝ ග්‍රෑම් 133ක් අත්අඩංගුවට

අගෝ 29, 2021

    මන්නාරම මුරුංගන් පන්නිවෙට්ටුවාන් හන්දිය අසළ සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ‍කිලෝ ග්‍රෑම් 133ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.

    මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ නාවික හමුදාව හා පොලිසිය එක්වයි. ගංජා තොගයේ මිල රුපියල් පන් කෝටි පනස් ලක්‍ෂයක් බවට තක්සේරු කර තිබේ. ගංජා තොගය හා ලොරි රථය පොලිස් බාරයට ගැණින. ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ ඖෂධ, රූපලාවන්‍ය හා සනීපාරක්‍ෂක උපකරණ අතර මෙම ගංජා තොගය සඟවා තිබිණ.

    Latest News