වයස 60දී මැරතන් ධාවනයෙන් මව බැලීමට ගිය අනුරසිරි

අගෝ 29, 2021

    වයස අවුරුදු 60ක් වන ඩී.අයි. අනුරසිරි මහතා සිය 60 වැනි උපන් දිනයේ දී මැරතන් ධාවනයේ යෙදී තම මව බැලීමට ගිය පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තාවේ.

    2015 සිංගප්පුරුවේ පැවති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී රටවල් 36ක් අතුරින් සිව්වැනි ස්ථානයත්, 2019 වසරේ තායිලන්තයේ පැවති විවෘත ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත් අතර, අනුරසිරි සිය 60 වැනි උපන් දිනය වෙනුවෙන් තම ශක්තිය උරගා බැලීම සඳහා මෙම කාර්යයේ නිරත වී තිබේ.

    කිලෝ මීටර් 18ක දුර සාර්ථකව නිම කිරීමට ඔහුට ගතවූ කාලය පැය එකහමාරක්. අනුරසිරි සිය හැකියාව හා ජව සම්පන්න බව ලොවට නැවති ප්‍රදර්ශනය කළේ, ක්‍රීඩාව ජිවිතයට කොතරම් වැදගත්දැයි පසක් කරමින්.

    Latest News