මහ බැංකු අධිපති සැප්. 14 විශ්‍රාම යයි....

සැප් 10, 2021

    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂමන් මහතා අද සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළේය.

    ඒ, සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී. මේ මස 14 වැනිදා සිට එනම්, ලබන අඟහරුවාදා සිට තමා මහ බැංකු අධිපති තනතුරින් විශ්‍රාම යන බවයි මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂමන් මහතා ප්‍රකාශ කළේ. තමාට, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබුණ ද එය බාර නොගන්නා බව ඒ මහතා පවසයි.

    විශ්‍රාම කාලය තම විද්වත් කටයුතු හා විවේකය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. 2019 දෙසැම්බර් 15 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂමන් මහතා මහ බංකු අධිපති තනතුර සඳහා පත්කරනු ලැබීය.

    Latest News