ශ්‍රී ලංකාව, ලොව සංචාර සඳහා සුදුසුම දිවයින් 25 අතරට....

සැප් 10, 2021

    ලොව සංචාර සඳහා සුදුසුම දිවයින් 25 අතරට, ශ්‍රී ලංකාව ද නම් කර තිබේ.

    ඒ, ලෝ පතල සංචාරක කටයුතු පිළිබඳ ප්‍රකාශනයක් වන "ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්" සඟරාව විසින්. අමෙරිකානු සමාගමක් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන "ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්"සඟරාවේ නවතම කලාපය මගින් ලොව වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්ත පිළිබඳව වර්ගීකරණයක් සිදුකර තිබේ.

    ආකර්ශනීය දූපත් රාජ්‍ය වර්ගීකරණය ඒ අතරින් එකක්. එහිලා ශ්‍රී ලංකාව ද මුල් සංචාරක ආකර්ශනීය දුපත් 25 අතරට තෝරාගෙන තිබේ. කොරෝනා වසංගතය පවතින අවස්ථාවක ශ්‍රී ලංකාව මෙවැනි ඉහළ තත්වයකට තෝරා ගැනීම බෙහෙවින් වැදගත් කරුණක් බව සංචාරක ක්‍ෂේත්‍රය හා සම්බන්ධ අංශ පෙන්වා දෙයි.

    Latest News