සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්; අමාත්‍ය ප්‍රසන්න

සැප් 12, 2021

    කොවිඩ් වසංගතයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඒ පසුගියදා යුක්‍රේනයේ, හිල්ටන් හෝටලයේදී යුක්‍රේන සංචාරක සංවිධායකවරුන් පිරිසක් හමුවූ අවස්ථාවකදී. සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා පසුගියදා යුක්‍රේනයේ සංචාරයක නිරත විය. කෙරෝනා වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවකදී මෙරට ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා යුක්‍රේනය දැක්වූ සහයෝගය අමත්‍යවරයා විසින් මෙහිදී අගය කරන ලදි.

    PrasannaRanathunga02 px 900

    සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කෙරුනු රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගෙන නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ කෙරෙන ආකාරය ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදි. මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එන්නත්කරණ වැඩපිලිවෙල සාර්ථක කර ගැනීටම රජය මූලික අවධානය යොමුකර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    PrasannaRanathunga03 px 900

     

     

    Latest News