සාවද්‍ය ප්‍රචාරයන්ට දැඩි පියවර ගන්නවා; ජනාධිපති ලේකම් නැවත කියයි...

ඔක් 24, 2021

    තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක, පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර තරයේ ප්‍රතික්‍ෂේප කරන බවයි, ඒ මහතා පෙන්වා දෙන්නේ.

    රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම, අදාළ බැංකුව සහ ගිණුම් හිමිකරු අතර කාර්යක් වන අතර එහිදී, නියමිත ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමක් බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News