ඉන්ධන බෙදාහැරීමට නව බලපත්‍ර...

මැයි 01, 2022

    ඉන්ධන බෙදාහැරීමේ නව බලපත්‍ර ලබාදීමට ක්‍රියා කරන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    මේ අතර පෙට්‍රල් සහ බොර තෙල් නෞකා 02ක ඉන්ධන ගොඩබෑම සිදුකිරීමට නියමිතයි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහන කරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට නියමිතයි.

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රි සිට ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණා. අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, සේවයට වාර්තා නොකරන බලපත්‍ර ලාභීන්ගේ අදාළ බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කළ බවයි. ඊයේ සවස 04 පමණ වන විට ඉන්ධන බවුසර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදාහැරීම් සිදුකර තිබෙනවා. ඔටෝ ඩීසල්, සුපිරි ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 සහ භූමිතෙල් තොග ප්‍රමාණවත් පරිදි වෙළඳපොලට නිකුත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව එම ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් පවතින බව අමාත්‍යවරයා කියා සිටිනවා.

    Latest News