මැයි මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට...

ජූනි 27, 2022

    මේ වසරේ මැයි මාසයේ අපනයන ඉපැයුම් අමෙරිකානු ඩොලර් මිලියන 980 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එය පෙර වසරට සාපේක්‍ෂව 9.9%කින් වැඩිවීමක් බවයි, අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ. ඇඟලුම් රෙදිපිළි, විදුලි සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන ක්ෂේත්‍රවල ඉහළ යාම කැපී පෙනෙනවා. ඉකුත් මැයි මාසයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය 30%කින් වැඩි වී ඇති අතර, පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි 5.8%ක ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

    ඉලෙක්ට්‍රොනික සංරචක නිෂ්පාදන අපනයන ද පසුගිය මාසයේ ඉහළ ගොස් ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ. එය 18.8%ක්. අමෙරිකා එක්සත් ජනපදය 25.2%ක් සහ එක්සත් රාජධානිය 8.20%ක් ලෙස ඇඟලුම්, විදුලි ඉලෙක්ට්‍රොනික් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ දායකත්වයක් ලබාදී තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලසීමාවේ සේවා අපනයනවල ඇස්ත‍මේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1472.7ක්. එය ඉකුත් වසරේ අනුරූප කාලපරිච්ජේදයට වඩා 93.3%කින් ඉහළ යාමක් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ...

    Latest News