අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට...

ජූලි 03, 2022

    හදිසි අනතුරකට ලක්ව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර සිටි ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

    ඔහු ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිත බවයි, රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ගල්ගමුව-හච්චිකුච්චි විහාරයේ රෑගත කිරීම් අවසන් කර රාත්‍රී අනුරාධපුර නවාතැන්පලට එමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා. තලාව මොරගොඩ ප්‍රදේශයේ දී ඒ මහතා ගමන්ගත් රථයේ, මාර්ගය හරහා ගමන්ගත් වන අලියෙකු ගැටී තිබෙනවා. වන අලියා කැබ් රථය මතට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුරින් තුවාල ලැබූ ඇන්තනී මහතාගේ සොහොයුරු සමන් ඇන්තනී මහතා සහ තවත් පුද්ගලයෙකු ද අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
    කැබ් රථයට බරපතල හානි සිදුවී තිබෙනවා. වන අලියාට ද බරපතල තුවාල සිදුවන්නට ඇති බව පොලිසිය පවසනවා.

    Latest News