"ජය සාගර" නෞකාව අධිකාරියට පත්කෙරේ...(වීඩියෝ)

ජූලි 24, 2022
  • ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් "ජය සාගර" නෞකාව අධිකාරියට පත්කෙරුණා.

    සම්ප්‍රදායානූකූල උත්සවය ඊයේ පැවැත්වුණේ, ත්‍රිකුණාමලය නැව් තටාකාංගනයේදී. උත්සවය පැවැත්වුණේ, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔහු අතින් නෞකාවේ අණ දෙන නිලධාරී වෙත අධිකාරියට පත්කිරීමේ නියෝගය බාරදෙනු ලැබුවා. නෞකා ලාංඡනය හා නාම පුවරුව නිරාවරණය කෙරුණේ, මහාසංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේයි.

    නෞකාව දිගින් මීටර් 39 යි දශම 8ක් වන අතර පළල මීටර 7ක්. නෞකාවට පැයට නාවික සැතපුම් 7ක උපරිම වේගයකින් නාවික සැතපුම් 3,200ක් යාත්‍රා කළ හැකියි. නිලධාරින් 10 දෙනෙකු ඇතුළු 78 දෙනෙකුගෙන් නෞකා කාර්ය මණ්ඩලයේ සමන්විතයි. ඉකුත් ජනවාරී මාසයේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට බාරදීමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව තිබූ මෙම නෞකාව, ත්‍රස්තවාදීන් සමග පැවැති සටන්වලදී වැදගත් කාර්ය රැසකට යොදා ගැණුනා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් උත්සවයට සහභාගී වුණා.

    Latest News