ත්‍රී රෝද රිය ඇළට පෙරළීමෙන් 3කට බරපතලයි

මාර් 16, 2019

    නල්ලතන්නියේ සිට වැලිමඩ ඌව-පරණගම දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයක් මතට පෙරලිමෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

    අද (16) උදැසන 6.45 ට පමණ අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය හැටන් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් අයර්බිවත්ත ප්‍රදේශයේදිය. ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ආපසු වැලිමඩ දක්වා ගමන් ගත් වන්දනාකරුවන් පිරිසකුයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

    Latest News