පොහොට්ටුවේ අමිලගේ මන්ත්‍රී ධූරය ගැලවේ

මාර් 16, 2019

    ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල් මහතාව සභික ධුරය සහ සභාපති ධුරයෙන් ඉවත් කර තිබේ.

    2013. මැයි මස 26 වැනිදා ඇඹිලිපිටිය පනාමුර පොලිස් වසමේ දඩුහැතැම්ම ප්‍රදේශයේදී රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අධිකරණයෙන් වැරදිකරු වී මාස තුනක සිර දඬුවම් ලැබිය.

    එම දඬුවම විඳ නැවත සභාපතිධූරයේ කටයුතු කිරිම නීති විරෝධි බව නීති පති විසින් තිරණය කර ඇත. එ අනුව එම්.කේ. අමිලගේ සභිකධුරය සහ සභාපති ධුරය අහෝසි වන බව රත්නපුර තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්නේ මහතා විසින් අද දැනුම් දි ඇත. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාටත්, මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පළාත් පාලන කොමසාරිස් වරයාට මෙම දැනුම් දීම රත්නපුර තේරීම්භාර නිලධාරී විසින් සිදුකර තිබේ.

    එම්. කේ. අමිල පසුගිය වසරේ මාර්තු මස පැවති පලාත් පාලන ඡන්දයට පොදුජන එක්සත් පෙරමුණේන් තරග කර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරී පත්විය. ඔහු හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රි එම්. කේ. රන්ජිත්ගේ පුතේකු වන අතර පසුගිය වසරේ කඩුවෙලදි බස්රථ රියදුරේකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධ දකුණු පලාත් සභා මන්ත්‍රි එම්. කේ. කසුන්ගේ සොහොයුරේකි.

    Latest News