ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සමඟ යුද අභ්‍යාසයකට සැරසේ

මාර් 16, 2019

    ශ්‍රී ලංකාව සමග පවත්වන විශාලතම නාවික යුද අභ්‍යාසයට ඔස්ට්‍රේලියාව සූදානම් වෙයි. ලබන සෙනසුරාදා ආරම්භ වන නාවික අභ්‍යාසයට, ඔස්ට්‍රේලියානු යුද නැව් 4ක් සහ නාවිකයන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.

    ද්විපාර්ශ්වික නාවික හමුදා පුහුණු ක්‍රියාත්විතය නම්කර ඇත්තේ, "2019 ඉන්දු-පැසිෆික් ප්‍රයත්නය" යනුවෙන්. එය මේ මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ හා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මුහුදු තීරයන්හිදී පැවැත්වීමට නියමිතයි.

    ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් විශාලතම හෙලිකොප්ටර් ප්‍රවාහන නෞකාව වන එච්.එම්.ඒ. කැන්බරා නැව ද ඊට සහභාගිවීම විශේෂත්වයක්. ඊට අමතරව නිව් කාසල් හා පැරමෙතා යන ෆ්‍රිගෙට් වර්ගයේ යුද නැව්ද, එච්.එම්.ඒ. සක්සස් නමැති සේවා සැපයුම් නෞකාව ද ඊට එක්වේ.

    එමෙන්ම, ඔස්ට්‍රේලියා ගුවන් හමුදාවට අයත් ටී-8 පොසෙයිඩන් වර්ගයේ නිරීක්‍ෂණ ගුවන් යානාවක්, මත්තල ගුවන් තොටුපොළට ළඟාවේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ආරක්‍ෂක, නිරීක්‍ෂණ හා මානුෂීය සහන සැපයීම් ක්‍ෂේත්‍රවලින් නවීන දැනුම ලබාදීම අභ්‍යාසයේ එක් අරමුණක්වේ.

    Latest News