ලේඛණ ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව ඇරඹේ

මාර් 16, 2019

    ජනතාවට මුදල් ගෙවීමකින් තොරව එක් දිනක් තුළ ලේඛණ ලියාපදිංචි කිරීමේ අවස්ථාව අද සිට හිමිවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ලේඛණ ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වෙමින්. උත්සවය අද පැවැත්වුණේ, බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාල පරිශ්‍රයේදී. නිශ්චල හා චංචල දේපල ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසූ ජාතික උප්පැන්න සහතිකයක් ද මෙහිදී ජනගත කෙරිණ.

    මෙරට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ලෝක ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළට ගෙන ඒම සහ ජනතාවට කාර්යක්‍ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණයි. දීප ව්‍යාප්තව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි අද සිට නව සේවාව ක්‍රියාත්මකයි.

    මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් ඔප්පු ප්‍රදානය, රෙජිස්ට්‍රාර්වරුන් සඳහා පත්වීම් ලබාදීම, ජාතික උප්පැන්න සහතිකය පිරිනැමීම සිදු විය. ජනතා නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ. දීප ව්‍යාප්තව අද ආරම්භ වූ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ එක්දින කඩිනම් සේවයේ එක් වැඩසටහන් ද අද පැවැත්වුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ඒ කොටපොළ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී. මේ අතර රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ එක් දින කඩිනම් සේවය ආරම්භ කරමින් පානදුර ඉඩම් ලියාපදිංචි කාර්යාල‍යේ ද උත්සවයක් පැවැත්විණ. ඒ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි.



    Last modified on සෙනසුරාදා, 16 මාර්තු 2019 20:02

    Latest News