විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

මාර් 24, 2019

    බස්නාහිර පළාත තුළ ඊයේ සහ අද කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 293ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මෙහෙයුම නිලධාරීන් 3081කගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි. එහිදී බීමත් රිය පැදවීම් 293ක්, රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කළ වාහන 127ක් සහ වෙනත් රථවාහන නඩු 1879ක් අත්අඩංගුවට ගැණින.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙවැනි මෙහෙයුම් දිවයින පුරා නිරන්තයෙන් සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

    Latest News