උපන් දිනයට ලැබුණු වටිනාම ත්‍යාගය තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවයි-අගමැති

මාර් 24, 2019

    රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (24) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමෙන් පසු උත්සව සභාව අමතමින්, වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූයේ එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තම උපන් දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බවයි.

    සුදු අලි බවට පත්ව තිබූ ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා පෙරහැරේ යන අලි බවට පත් වී ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සහ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනතා නියෝජිතයින්, රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

    Last modified on ඉරිදා, 24 මාර්තු 2019 17:57

    Latest News