පළමු පාසල් වාරය අදින් අවසන්

අප්‍රේ 05, 2019

    රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා 2019 වසරේ පළමු පාසල් වාර නිවාඩුව අද ආරම්භ වනවා.

    දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ ලබන 22 වැනි දිනයි.

    මුස්ලිම් පාසල් හී පළමු පාසල් වාරය ලබන 11 වැනි දින අවසන් වේ.

    දෙවන පාසල් වාරය සඳහා මුස්ලිම් පාසල් ආරම්භ කෙරෙන්නේ ලබන 17 වැනි දිනයි.

    මේ අතර, දෙවන වාරය ආරම්භ කිරීමට පෙර පාසල් හී පවිත‍්‍ර කිරීම් කටයුතු සිදුකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

    එම පරිශ‍්‍ර ඩෙංගු වලින් තොර කලාප ලෙස පවත්වා ගැනීම එහි අපේක්‍ෂාවයි. 

    Latest News