ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට

අප්‍රේ 05, 2019

    නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහු‍දේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 18 කු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබුවේ 04 වැනි දිනයි. 

    පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 16 පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 03 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. 

    එම ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා යාපනය, නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි.

    ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත බාර දීමට නියමිත බව පැවසේ.

    Latest News