අයවැය තුන්වැනි වර ඡන්ද විමසීම අද

අප්‍රේ 05, 2019

    අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතයි.

    මාර්තු මස 05 වැනි දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    දින 06ක් පුරා පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පසුගිය 12 වැනි දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරිණ.

    ඊට පක්ෂව ඡන්ද 119ක් සහ විරුද්ධව ඡන්ද 76ක් හිමි විය.

    මේ අතර, අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත් වු අතර, ඒ වෙනුවෙන් ඉදිරිපත් වු පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම අද සිදු කෙරේ.

    Latest News