පන්නල ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

ජූනි 14, 2019

    පන්නල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (14) අළුයම ගින්නක් හටගෙන ඇත.

    පන්නල ඉරබඩගම ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවකයි අළුයම 1.30ට පමණ මෙම ගින්න හටගෙනඇත්තේ.

    කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ හටගත් ගින්න කාර්යාල ගොඩනැගිල්ල සහ ඇදුම් මැසීමේ අංශය තෙක් පැතිර ගොස් ඇත.

    ගින්න පැතිර යනු දුටු ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ පිළිබඳව ගිනි නිවීම් අංශ වෙත දැනුම්දී තිබිණ.

    පසුව මීගමුව සහ කුරැණෑගල ගිනි නිවීම් අංශ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

    මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් 3000ක් පමණ රැකියාවේ නිරතව සිටී.

    Latest News