CICA සමුළුව අද (14) ඇරඹේ

ජූනි 14, 2019

    ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වැනි සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) අද සහ හෙට (ජූනි 14 සහ 15 දෙදින) තජිකිස්ථානයේ දුෂාන්බේ නරගයේ දී පැවැත් වේ.

    ඒ සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.

    ආසියාවේ අන්තර්ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි.

    Latest News