Update : හිස්බුල්ලා පැය 8කට පසු TIDයෙන් පිටව යයි (වීඩියෝ)

ජූනි 15, 2019

    ප්‍රකාශයක් ලබා දීමට පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් පැය 8කට පසු පිටව යයි.

    හිස්බුල්ලා ත්‍රස්ත විමර්ෂන කොට්ඨාසයට පැමිණේ: පාස්කු ප්‍රහාරය ගැන සෙවීමක් - (10:25)

    නැගෙනහිර පාලතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබාදීමට ත්‍රස්ත විමර්ෂන කොට්ඨාසයට පැමිණ තිබේ.

    පාස්කු ප්‍රහාරයෙන් පසු ආසන්න දිනක ඇඳිරි නීතිය පනවා තිබියදි නැගෙනහිර ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් කිසියම් පිරිසක් හමුවි සාකච්ඡා කිරිමක් මතබේදාත්මක අන්දමින් පසුගිය දිනවලදි මාධ්‍ය මගින් ප්‍රචාරනය කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය අප්‍රේල් 22 වැනිදා මෙම හමුවිම සිදුව ඇති බවයි.

    ඒ අනුව කල්කුඩ ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිත අයුරින් ආරබි ජාතිකයින් දෙදෙනෙකු හමුවි සාකච්ඡා කිරිම සම්බන්ධව ත්‍රස්ත විමර්ෂන කොට්ඨාසයට ආරම්භ කළ පරික්ෂණයට අදාලව හිස්බුල්ලා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා තිබේ. මෙම කැඳවීමට අනුව ඔහු අද පෙරවරු 09.45 පමණ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට පැමිණ ඇත.

    පාස්කු ප්‍රහාරය සහ ඉන්පසු ඇති වු සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පසුගිය දා  ඔහුව කැඳවින. මෙම ප්‍රහාරයෙන් පසු හිස්බුල්ලාට එරෙහිව ඉල්ල වු චෝදන වලට ප්‍රතිචාර දක්වමින් ඔහු නැගෙනහිර පාලත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්විය.

    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2019 20:08

    Latest News