පලාලි ගුවන් තොටුපොළත් ජාත්‍යන්තර තලයට

ජූනි 28, 2019

    පලාලි ගුවන් තොටුපල ඉදිරියේ දී ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සිවිල් ගුවන්සේවා පනත යටතේ නියෝගය විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

    ඒ සඳහා පලාලි ගුවන්තොටුපල නවීකරණය කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, ලබන මස 05 දින ඒ සඳහා කටයුතු ආරම්භ කරන බවද පැවසීය. ඒ අනුව මාස දෙකක් තුනක් ඇතුළත සංවර්ධනය කර පලාලි ගුවන් තොටුපල සිවිල් ගුවන් තොටුපලක් බවට පත් වේ.

    ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල 15ක් තිබේ. ඉන් දෙකක් ජාත්‍යන්තර ගුවන් තොටුපල වන අතර මත්තල ගුවන්තොටුපල ද සක්‍රීය ගුවන් තොටුපලක් බවට පත් කරන බව ඔහු සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවය දකුණු ආසියානු රටවල් 08 අතර පලමු තැනට පත් වී තිබේ. එය ආසියාවේ රටවල් අතරින් 06 වැනි ස්ථානයත් ලෝකයේ රටවල් අතරින් 19 වන ස්ථානයට පත් වී තිබේ. ඉදිරියේ දී ගුවන්තොටුපලට නවීන විශේෂ ආරක්ෂිත උපකරණ ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 17:03

    Latest News