වියළි කාලගුණයෙන් ගොවීන්ට දැඩි දුෂ්කරතා (වීඩියෝ)

ජූනි 29, 2019

    වියළි කාලගුණයෙන් උතුරු පළාතේ ජනතාව පීඩාවට පත්ව සිටී.

    ගොවීන් පවසන්නේ, ජල හිඟය වී වගාවට දැඩිව බලපා ඇති බවයි. ප්‍රදේශ රැසකට බලපා ඇති වියලි කාලගුණය නිසා ජල හිඟයෙන් කුඹුරු විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව අප වාර්තාකරු පවසයි. පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, හොරොව්පොතාන යන ප්‍රදේශවල වැව් සිඳී තිබේ. කහටගස්දිගිලිය සහ විලච්චිය යන ප්‍රදේශවල ද මෙම තත්වය දක්නට ලැබේ. වගා කළ කුඹුරුවල අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වුවහොත්, තමන් දැඩි අපහසුතාවයකට පත්වන බව ඔවුන් පවසයි.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 20:30

    Latest News