ලොරි-වෑන් ගැටුමෙන් 03ක් මරුට (වීඩියෝ)

ජූනි 30, 2019

    තඹුත්තේගම-අනුරාධපුර මාර්ගයේ මොරගොඩ සුනාමි හන්දිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

    23 හැවිරිදි ගැබිණි කාන්තාවක ද ඒ අතර වන බව, තඹුත්තේගම පොලිසිය පවසයි. අද අළුයම 4.30ට පමණ අනතුර සිදුව තිබේ. ගැබිණි කාන්තාව ප්‍රසූතිය සඳහා රෝහල් ගතවීමට යන අවස්ථාවේ අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පවසයි. තඹුත්තේගම සිට අනුරාධපුර දෙසට ධාවනය වූ වෑන් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත. අනතුරින් වෑන් රථයේ සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූහ. ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

    බරපතල තුවාල ලැබූ කාන්තාවන් තිදෙදෙනා මියගොස් ඇත්තේ අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. මියගිය කාන්තාවන් ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
    ලොරිය රථයේ රියදුරු සහ සහායක තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබේ.

    Last modified on ඉරිදා, 30 ජූනි 2019 19:58

    Latest News