බීඩි කොළ කි.ග්‍රෑම් 1338ක් සමඟ පුද්ගලයින් (04) අත්අඩංගුවට

ජූනි 30, 2019

    නාවික හමුදාව පුත්තලම කළපු ප්‍රදේශයේ සහ නයනතිව් දුපත ආශ්‍රිත සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1338 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඩිංගි යාත්‍රා තුනක (03) ප්‍රවාහනය කරමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1287 ක් සමඟින් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී බීඩී කොළ ප්‍රවාහන කළ ඩිංගි යාත්‍රා තුනක් සහ පිටත දහන යන්ත්‍ර 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස 32, 33,39 සහ 46 වියෙහි කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, බීඩිකොළ තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් යාපනය, නයනතිව් දුපත ආශ්‍රිතව කළ සෝදිසි කිරීමකදී අතහැර දමා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 51 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒවා පාර්සල් තුල බහා තිබී ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණ. ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කරගෙන යාමට අවස්ථාවක් නොදී, නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නිරන්තර අවධානයෙන් සිටින බව නාවික හමුදාව පවසයි.

    Latest News