ජූලි 01 - 05 දා දක්වා ජාතික අනතුරු නිවාරණය සතියක්

ජූලි 02, 2019

    ජාතික අනතුරු නිවාරණය සතියක් ජූලි 01 සිට ජූලි 05 දා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බව වැඩ බලන සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගම්ලත් මහතා පැවසිය.

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදු වන මිලියනයක් පමණ වන රෝහල් ගතවීම් මෙන් ම ආබාධ තත්ත්වයට පත්විම සඳහාත් අනතුරු ප්‍රධානතම හේතුව බව සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    රටේ ඵලදායික කණ්ඩායම වන වයස අවුරුදු 15-44 ත් අතර පුද්ගලයින්ගේ මරණවලට ප්‍රධානතම හේතුව හදිසි අනතුරුයි. මෙයට හේතුව ලෙස නොසැළකිලිමත්භාවය පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල් වරයා, මේ හේතුවෙන් මේ සඳහා ප්‍රතිකාර වෙනුවෙන් රජය විශාල වියදමක් සිදු කරන වෛද්‍ය ලක්මාල් ගම්ලත් මහතා පැවසීය.

    හදිසි අනතුරු ලෙසින් මාර්ග අනතුරු පමණක් නොවන බවත්,එය වැටිම්, සතුන් සපාකැම්,මාර්ග අනතුරු,යම් වස්තුවක් ගැවිම,කැපිම්,විෂවිම්,සත්ත්ව දෂ්ඨ කිරිම් යනාදිය ද අනතුරු ලෙසින් දැක්විය හැකි බවයි.

    මෙම තත්ත්වය අවම කිරිමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි

    ජුලි 01 දා - මාර්ග අනතුරු වැළැක්විමේ දිනය
    ජුලි 02 දා - සේවා ස්ථානයන් හී අනතුරු වැළැත්ව්මේ දිනය
    ජුලි 03 දා - නිවාස හා වැඩිහිටි නිවාසවල දි සිදුවන අනතුරු වැළැක්විමේ දිනය
    ජුලි 04 දා - පෙර පාසල් හි අනතුරු වැළැක්විමේ දිනය
    ජුලි 05 දා - පාසල් තුළ දි සිදු වන අනතුරු අවම කිරිම සඳහා දිනය

    රථවාහන මුලස්ථානයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක කිත්සිරි කුමාර මහතා ප්‍රකාශ කළේ ,නීතිරිති ප්‍රමාණයටත් වඩා පැවතිය ද එය පිළිපැදිය යුතු බවයි. රට තුළ වැඩි ම අනතුරු ප්‍රමාණයක් සිදු වන්නේ යතුරු පැදි වලින් බවත් පැවසීය .

    Latest News