මඩකලපුව, අම්පාරට උණුසුම හෙට වැඩියි

ජූලි 02, 2019

    මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි හෙට බලපැවැත්විය හැකි උණුසුම් කාලගුණය වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    එම නිසා, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, අධික වෙහෙසකාරි ක්‍රියා සීමා කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම ආදිය පිළිබඳව සැළකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 පමණ දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්. ආදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළ විය හැකියි. ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    Latest News