අනවශ්‍ය නඩු ප්‍රමාදය වැලැක්වීමට නව පනත් 2ක්

ජූලි 06, 2019

    අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැළැක්වීම සඳහා නව පනත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

    ඇය මේ බව කියා සිටියේ මාතලේ නව මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


    “අධිකරණයේ ස්වාධීනත්වය වැදගත් වෙන්නේ බලයේ නැතිකොට නොවෙයි. බලයේ ඉන්න කොට. මේ නිසා විශාල වැඩකොටසක් කරන්න අපට සිද්ධ වෙනවා. නඩු කටයුක්තකට පැටලෙනවට වැඩිය හොඳයි ඒ මිනිස්සු හැමදේම අමතක කරලා නිකං ඉන්න එක. ඒක හේතුව තමයි අග්‍රවිනිශ්චයකාරතුමණි මම හෙට අනින්දා තවත් වෙනස්කම් කිහිපයක් කරන්න සූදානමින් ඉන්නේ. අපේ පනත්වල තියෙන පුංචි, පුංචි ගැටලු නිසා සමහර මිනිස්සු දන්නේ නැහැ මහාධිකරණයේ ඇප ගන්න තියෙන අවස්ථාව ගැන. ගොඩක් කාලයක් මහේස්ත්‍රාත් අධිකරණයට රස්තියාදු වෙනවා. අනෙක් පැත්තට ගියාම තමන්ට තියෙන මුළු සේසතම වියදම් කරගන්නවා. හත් ලක්‍ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් නඩු කටයුතු අප රටේ පවතිනවා. ඒ වගේම සමහර වෙලාවට නොකරපු වැරදිවලටත් නරකාදියට වගේ ඒක ඇතුලට ගියාට පස්සේ එන්නේ සමාජයට අප්‍රසන්න පුද්ගලයෙක් හැටියට. මේවා ගැන අපිට තියෙන කාලේ අඩුයි. අපි පත්වුනේ අවුරුදු පහකට. මේ පහ තුළ අපි කරන්න පුලුවන් උපරිමයෙන්ම කරනවා“ යැයි අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

    වසන්ත අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ අගවිනිසුරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

    Latest News