රටට අහිතකර කිසිදු කරුණකට රජය එකඟ වෙන්නේ නැහැ; අමාත්‍ය කිරිඇල්ල

අගෝ 09, 2019

    අමෙරිකාව සමඟ ඇති ගිවිසුම් යාවත් කිරීමට පෙර එම ගිවිසුම් නීතිපතිවරයාට යොමු කරන බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    රටට අහිතකර කිසිදු කරුණකට රජය එකඟ නොවන බව අමාත්‍යවරයා පැවසීය. විදෙස් ගිවිසුම් පිලිබඳ විපක්‍ෂය ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    “විදේශ රටවල් සහ සංවිධාන සමඟ ශ්‍රී ලංකාවේ රජය රාජ්‍ය ආයතනයක් විසින් ඇතිකරගන්නා රටට හිතකර නොවන ගිවිසුම්වලට නොලැබේ යැයි මෙම සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සඳහන් කරමින් ඉදිරිපත් කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා....
    නොබැඳි විදේශ ප්‍රතිපත්තිය චීනය ද, අමෙරිකාව ද, ඉන්දියාව ද මේ හැර රටක් එක්කම ගණුදෙනු කරන්න ඕනේ. මැස රටක් එක්කම සුහද සම්බන්ධතාවය තබාගන්නට ඕනේ. ඒ දෙගොල්ලන්ටම වාසිදායක ලෙස ගිවිසුම් අත්සන් කරන්න ඕනේ“ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේය.

    වාසුදේව නානායක්කාර මහතා...
    “තානාපති, වෙළෙඳ ගිවිසුම් ගේනවා. හැම ගැසට් පත්‍රයක්ම මේ පාර්ලිමේන්තුවට ගේනවා. තමුන්නාන්සේ මේ දේවල් හංගගෙන මේ කරන වැඩපිළිවෙළ කරුණාකරලා නවත්වන්න. තමුන්නාසේලා සඟවාගත් කඩතිර කඩා ඉවරයි. තමුන්නාන්සේලාගේ තිරය පිටුපස ගෙනයන වැඩපිළිවෙළ රටට හෙළිදරව් කරන්න “ යැයි වාසුදේව නානායක්කාර මහතා පැවසිය.

    අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා...
    “ඔබලා කියන විධියට ගෝඨාභය මේක අත්සන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ඔබතුමාලා කතා කළාද. මේක අත්සන් කළේ අමෙරිකානු පුරවැසියෝ දෙන්නෙක්. ඔබතුමාලා කියන විධියට අක්සා විසුම මෙරට පාවාදීමක් නම් ගෝඨාභය රාජපක්‍ෂ කරලා තියෙන්නේ පාවාදීමක්. චන්ද්‍රිකා මැතිණිය තමයි සෝෆා ගිවිසුම ලිපි හුවමාරු කරගෙන තියෙන්නේ. මේගොල්ලන් පටන් ගත්ත දේවල්“ යැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

     

    Latest News