කොවිඩ්19 ආසාදිතය ලැයිස්තුවේ තෙවන තැනට ඉන්දියාව

ජූලි 06, 2020

    ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 697,000 ඉක්මවා තිබේ.

    ඒ අනුව රුසියාව අභිබවා යමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම රටවල් අතර තෙවන ස්ථානට ඉන්දියාව අද පත්විය.

    ඉකුත් පැය 24 තුළ ඉන්දියාවේ අලුතින් හඳුනා ගනු ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 23,932ක්. එම කාලසීමාව තුළ එරට සිදුවූ කොරෝනා මරණ 421ත් සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19,700 ඉක්මවා ගියේය. ලොව කොරෝනා මරණ වැඩිම රටවල් අතර ඉන්දියාව පසු වන්නේ, අටවන ස්ථානයේ. එරට දැඩි සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ටජ් මහළ අද සිට සංචාරකයන් සඳහා විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබූවත් එය කල් දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

    Latest News