අමෙරිකාවේ ආසාදිතයින් සහ මරණ ඉහළට...

දෙසැ 11, 2021

    අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව යලි වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    ඉකුත් පැය 24 ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 136,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.  කොරෝනා, ලොව වැඩිම දෛනික මරණ සංඛ්‍යාව අද වාර්තා වූයේ, අමෙරිකා එක්සත් ජනපදයෙන්. එම මරණ සංඛ්‍යාව 1,574 ක්.සෞඛ්‍ය අංශ පවසන්නේ, ඉකුත් දින 07 ක කාලය තුළ ආසාදිතයින් 37% කින් ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 28% කින් ඉහළ ගොස් ඇත.

    Last modified on සෙනසුරාදා, 11 දෙසැම්බර් 2021 20:19

    Latest News