අමෙරිකා සුළි කුණාටුවෙන් 70කට අධික පිරිසක් මරුට.....

දෙසැ 12, 2021

    අමෙරිකා එක්සත් ජනපදයට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් 70කට අධික පිරිසක් මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මේ නිසා එරට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි, ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත්තේ.

    ඊයේ පස්වරුවේ ඇති වූ සුළි කුණාටුවෙන් 100කට අධික පිරිසක් මිය යන්නට ඇතැයි , ආරක්ෂක අංශ සැක පළ කරනවා. ඉන් දරුණුතම බලපෑම සිදුවී ඇත්තේ, කෙන්ටකි ප්‍රාන්තයටයි. එරට කාලගුණ විශේෂඥයින් පවසන්නේ, අමෙරිකා එක්සත් ජනපදයට ඇති වූ විශාලතම සුළි කුණාටු තත්වය මෙය බවයි.

    මේ නිසා බොහෝ ප්‍රාන්තවල විදුලිය බිඳවැටීම හා ජල සැපයුම් අවහිර වී ඇති බවයි, වාර්තා වන්නේ. විපතට පත්වූවන්ට තාවකාලික නිවාස සහ ආධාර ඇතුළු පහසුකම් ලබාදීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබෙනවා. අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු උපකාර සහ පහසුකම් ලබාදෙන බව, ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News