මැතිවරණ දිනයේ ඇලවීම සඳහා සූදානම් කර තිබූ මඩ පෝස්ටර් තොගයක් හලාවත,මාදම්පේ ප්‍රදේශයේ නිවසක තිබිය දී අද උදෑසන (15) පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ 8වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අද සිදු කෙරේ. ඒ මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහායි.

ඡන්ද අත්පත්‍රිකා සමඟ සැකකරුවෙක් දුම්මලසූරිය පොලිස් වසමේ වීරකොඩියාන ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මැතිවරණ රාජකාරී සඳහා ලංගම බස් රථ 5,800ක් සූදානම් බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) සී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පවසයි. මීට අමතරව, ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා බස් රථ රැසක් ද ධාවනයට එක් කර ඇති බවයි, ඔහු පවසන්නේ.

ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ජනපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාටම හෙට (14) වනදා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

දිවයින පුරා ඇති ඡන්ද පොළවල් 12,856 ක් සඳහා එක් ඡන්ද පොළකට නිළධාරීන් දෙදෙනකු බැඟින් රාජකාරියේ යෙදවීමට නියමිතයි. එම යෙදවෙන නිළධාරින් දෙදෙනා බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිළධාරීන් දෙදෙනෙක් වශයෙන් ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා කාන්තා නිළධාරිනියක් සහ පිරිමි නිළධාරියෙක් ද වශයෙන් රාජකාරියේ යෙදවේ. ඒ අනුව, 12,856 ක ඡන්ද පොළවල් සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිළධාරීන් ගණන 25,712 කි.

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වැනිදා සවස 5.00 දක්වාම පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමක් අද දිවයිනට පැමිණෙයි.

Latest News