පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජාතික, ආගමික ප්‍රශ්නවලදී ශාසන සම්ප්‍රදාය රැකගෙන රට වෙනුවෙන් කැප වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ජීවන වියදම පාලනයට මග නිෂ්පාදනය සහ ආදායම් නැංවීම; දැන් ඒ ක්‍රියාදාමය ආරම්භ කර ඇතැයි ජනපති කියයි.

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද එතුමා පවසයි.

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වර්ණ ප්‍රදානය කරයි.

දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිතුමා කියා සිටී.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පළුගස්වැව ප්‍රදේශයේදි අද (05) ආරම්භ කෙරේ.

කොවිඩ් එන්නත් ලක්ෂ 6ක් ලබන 27 වැනි දින ඉන්දියාවෙන් මෙරටට නොමිලයේ ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. වලල්ලාවිට ප්‍රදේශයේ මේ වන විට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

Latest News