පාකිස්තාන ජයිෂ් ඊ මොහොමඩ් සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ ත්‍රස්ත සංවිධාන 11 ක් මෙලෙස තහනම් කර ඇත.

උතුරු බුර්කිනෝ ෆාසෝ හි ඩබ්ලෝහි පිහිටි කතෝලික දේවස්ථානයකට කඩාවැදුණු තුවක්කුකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් පූජකයකු සහ එහි පැමිණ සිටි බැතිමතුන් හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සහභාගි වූ අයිස් හොකී තරගයක් පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍යවල අවධානය යොමු වී තිබේ.

හැරී කුමරුගේ සහ මේගන් කුමරියගේ පුත් කුමරා ආර්චි හැරිසන් මවුන්ට්බැට්න් - වින්ඩ්සර් ලෙස නම් තබා ඇත.

තායිලන්ත මහ මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට තායිලන්ත විරුද්ධ පක්ෂය හෙවත් පේහු තායි පක්ෂය සමත් වුවත්, සෙනට් මණ්ඩලයේ බහුතරය පාලක පලන්ග් ප්‍රචා රාත් පක්ෂය දිනාගැනීමෙන් වත්මන් අගමැති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාව තවත් මධ්‍ය දුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.

දකුණු දිග ජපානයේ මියාසකි නගරයට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ අද අළුයම ප්‍රබල භූ කම්පනයක් හට ගනී.

අමෙරිකාවේ ක්‍රියා කලාපය හේතුවෙන් ආර්ක්ටික් කලාපීය කවුන්සිල සමුළුවේ අවසන් ප්‍රකාශනය නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර එරට අගමැති ස්කොට් මොරිසන් බිත්තර ප්‍රහාරයකට ලක්ව තිබේ.

අමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.

අමෙරිකාව චීනය සමග එකම දිශාව කරා ගමන් කරමින් අන්‍යෝන්‍ය ගෞරවය පදනම්ව අන්‍යෝන්‍ය යහපත් පොදු ජයග්‍රහණයෙන් යුතු ගිවිසුමකට එළඹීම අපේකෂාව බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගෙන්ග් ෂූවන්ග් මහතා පවසයි.

වසර 2029 විශාල ක්ෂුද්‍ර ග්‍රහ‍යෙක් පෘථිවියට ළඟම අභ්‍යාවකාශයේ බිහි වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ ෆාරාහ් ප්‍රාන්තයේදී තලෙයිබාන් සටන්කාමීන් 200 දෙනෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

චීනයේ වියපත් ජනගහණය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

පැපුවා නිව් ගිනියා හී රිච්ටර් මාපක 7.2ක පරිමාණයේ භූමි කම්පාවක් අද (7) සිදුව ඇතැයි, ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බෝල්කන් කලාපයේ තෙදින නිල සංචාරයක් ආරම්භ කර ඇත.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ සසෙක්ස් හී ආදිපාද මේගන් කුමරිය පිරිමි දරුවෙකු ප්‍රසූත කරයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සැපයුම් රැගත් “ස්පේස් එක්ස්”අභ්‍යාවකාශ යානය සාර්ථකව ගුවන්ගත කරයි.

වෙනිසියුලාවේ තත්ත්වය පිළිබඳව එරට විදේශ අමාත්‍යවරයා සමඟ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වේ.

රුසියාවේ, මොස්කව් හී ගුවන්තොටුපළක ගුවන්යානයක් ගොඩ බැස්සීමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 41ක් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News