බ්‍රෙක්සිට් හෙවත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංමයෙන් ඉවත්වීමට අදාළ අවසන් කාලසීමාව දීර්ඝ කරන ලෙස නැවත වාරයක් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සූදානම් වෙයි.

ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල්අසීස් භූටේෆ්ලික් තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊයේ පැවැති විවාදයක දී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ තවත් යෝජනාවලියක් පරාජයට පත් කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීරුවන් කටයුතු කළේය.

ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් ජයගැනීමට දූෂණ විරෝධී අපේක්ෂිකා සූසානා කැපුටෝවා සමත්ව තිබේ. ඒ එරට පළමු ජනාධිපතිවරිය බවට පත්වෙමින්.

ඊයේ පැවති යුක්‍රේන ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ නිරීක්ෂණවලට අනූව විකට නළුවෙකු වන වොලොඩිමීර් සෙලෙන්ස්කි ඉදිරියෙන් සිටින බවට වාර්තා පළවෙයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුව තුළ යළිත් පරාජයට පත්ව තිබේ.

බෲනායි රජය සමලිංගික සේවනයේ යෙදෙන්නන් ගල් ගසා මරා දැමිය යුතු බවට තීරණය කරයි.

කසකස්ථානයේ හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බංගලාදේශයේ ධකා අගනුවර ගොඩණැගිල්ලේ ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ යයි.

සරම්ප පැතිරයාම හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයටපත් කෙරේ.

තම බ්‍රෙක්සිට් සැලසුමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදෙන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව, තෙරේසා මේ පවසයි.

'සුදු ජාතික වාදය' සහ 'බෙඳුම්වාදය' සඳහා අනුබල දෙන ප්‍රශංසා, සහයෝගය ලබාදීම්, සිදු කිරීම සම්පූර්ණයෙන්ම වළක්වන බව, ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබේ.

චන්ද්‍රිකාවට පහර දිය හැකි තාක්ෂණය සහිත ලොව සිව්වන බලවතා වීමට ඉන්දියාව සමන්වෙයි.

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකගවී තිබේ.

බ්‍රිතාන්‍ය රජයේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියට විරෝධය පළ කරමින් අමාත්‍යවරු තිදෙදෙනෙක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මාලි රාජ්‍යයේ ගම්මානයකට එලල්ල කළ මැර ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 130ක් ඝාතනයට ලක්ව තිබේ.

2016 අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු මැදිහත්වීමක් සිදු නොවූ බවට සනාථ වී තිබේ.

දකුණු දිග අප්‍රිකාවට බලපෑ ඉඩායි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 700 දක්වා ඉහළ ගොස් තිබේ.

අයි.එස්.ත්‍රස්තවාදී කල්ලිය සතුව සිරියාවේ පැවති අවසන් භූමි බාගය ද අද සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී සෙබලුන් අතට පත්විය.

චීන රසායනික කර්මාන්ත ශාලාවක ඊයේ (21) සිදුවූ විශාල පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇත.

Latest News