අඛන්ඩව වැඩිම විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කරගත් දෙවැනි රට චීනය බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජින සතුව රටින් පිටත ඇති එකම නිවස විකිණීමට තීරණය කර තිබේ.

සෞදි අරාබියේ ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

සඳ ගවේෂණය සඳහා වන දෙවන මෙහෙයුම, ජුලි 15 වැනිදා ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වේ.

යුද ගැටුම් පවතින කලාපවල සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ආබාධවලින් පෙළෙ බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

පකිස්තානයේ හිටපු ජනාධිපති අෂීෆ් අලි සර්දාරි, අත්අඩංගුවට ගෙන තිබේ.

පකිස්ථාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව අත්වැරදීමකින් විවෘත වීමෙන් ඇතිවීමට ගිය විශාල විනාශයක් වැලකී තිබේ.

දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජල ප්‍රශ්නය උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොලොම්බියාව හා වෙනිසියුලාව අතර දේශසීමාව පසුගියදා විවෘත කෙරිණ.

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, සිය කන්සවෙට්වි පක්‍ෂ නායකත්වයෙන් අද ඉවත් වූවාය.

අමෙරිකාව එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර සිදුවන වෙළෙඳ සාකච්ජා පිළිබඳව තමා නොසතුටට පත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉන්දියාවේ උසම කුණු කන්ද ලබන වසර වන විට සුප්‍රකට ටජ් මහල් ගොඩනැගිල්ල අභිබවා අහසට නැගෙනු ඇතැයි, වාර්තා වෙයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර කිහිපයක අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට විරෝධය දක්වමින් උද්ඝෝෂණ සංවිධාන කර තිබිණ.

ලොව ඇති විශිෂ්ටතම සන්ධානය අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ එක්වීම බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි හෝටලයකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

පාලක සන්ධානයට අයත් ප්‍රධාන පක්‍ෂ දෙක අතර එකඟතාවක් ඇති නොවන්නේ නම් තමා ධූරයෙන් ඉවත්වන බව, ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පෙ කොන්තෙ පවසයි.

ඉන්දියාවේ නගර රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 50 ඉක්මවූ අගයක්.

උද්ඝෝෂණ අතරවාරයේ සුඩාන ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීම්වලින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

අමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතර සදාතනික මිත්‍රත්වය පිළිබඳව ප්‍රශංසා කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Latest News