අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයා පරීක්ෂණ

ජූලි 16, 2020

    කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබේ.

    ඔහු සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරින් 26 දෙනෙකු එම විමර්ශන සඳහා යොදවා ඇති බවි.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිර්මාණය විමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබේ.

    යම් කරුණක් පිළිබඳ ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම “දණ්ඩ නීති සංග්‍රහයේ 120“ යන වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ඒ අනුව වසර 2ක කාලයක් බන්ධනාගාර ගත කළ හැකි බව ද පැවසු අජිත් රෝහණ , විශේෂයෙන් මෙවැනි පුද්ගලයින් දඩයකට ලක් කළ හැකි බව ද පවසා ඇත.

     

    Latest News