කොරෝනා ආසාදිතයකු කතරගම වන්දනා කර තිබේ

ජූලි 16, 2020

    පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු කොවිඩ් - 19 ආසාදිතයෙකු බව හඳුනා ගෙන ඇත.

    මෙලෙස කතරගම වන්දනාවේ පැමිණී ඇත්තේ රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකි.

    ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය, එහි හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.

    ඔහු පසු ගිය 07 වැනි දින 20 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග කතරගම වන්දනාවේ පැමිණ, අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන, කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වැනි දින පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

     

    Latest News