වයිරසය ආසාදිතයන් හමුවන තැන් හුදෙකලා කරනවා - අනිල් ජාසිංහ

ජූලි 16, 2020

    කොවිඩ් -19 වයිරසය ආසාදිතයන් තවදුරටත් හමුවුවහොත් ස්ථානීය වශයෙන් හුදෙකලා කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

    කොවිඩ් රෝගීන් හමුවුවද රට පුරාම බරපතළ තත්ත්වයක් නොමැති බව ද ඔහු පෙන්වා දේ.

    සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේ අරමුණින් රට විවෘත කළ ද ජනතාව සෞඛ්‍ය නීතිරීති නිසිපරිදි අනුගමනය කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

    රාජාංගණය ප්‍රදේශයේ පවුල් දොළොස්දහසක් පමණ මේ වනවිට හුදෙකලා කර ඇති බව ද ඔහු පැවැසුවේය.

    රාජාංගණය ප්‍රදේශයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවද ඔහු කියා සිටියේය.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා ගිය ආශ්‍රිතයන් රඳවා සිටින පල්ලේකැලේ, තන්තිරිමලේ, රන්ටැඹේ මධ්‍යස්ථානවල ද ඊයේ (15 ) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

    කොළඹ නගරයේ උතුරු හා මැද කොළඹ ප්‍රදේශවලද පීසීආර් පරීක්ෂණ තුන්සිය පනහක් පමණ සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.

    මෙම පිරිස කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන්ගේ ආශ්‍රිතයන් බව ද ඔහු පැවැසීය.

    Latest News