ඉටුකම අරමුදලේ ශේෂය රු.මිලියන 1491 දක්වා ඉහළට

ජූලි 16, 2020

    ඉටුකම කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1491 දක්වා ඉහළ ගොස් ඇත.

    ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමගයි ඉටුකම කොවිඩ් - 19 අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇත්තේ.

    ජයනි තිලක්ෂණා කරුණරත්න දියණිය ඉටුකම අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදුව ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අදාළ මුදල භාරදුන්නා.

    ලංකා නැව් සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන්, මහනුවර ජාතික රෝහල අතුළු තවත් ආයතන සහ පුද්ගලයින් රැසක් මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කර ඇත.

    චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ හෑෂ් 207 හෑෂ් අමතා අරමුදලට දායක විය හැකියි.

    දුරකථන අංක 0760 700 700, 0112 320 880,0112 354 340,0112 424 012 ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකිවේ.

    Latest News